Welcome to Sri Lanka Institute of Local Governance!

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය 

පුහුණු මොඩියුල සහ ඉගැන්වීම් සම්පත් අත්පොත් සකස් කිරීම සඳහා

මිළගණන් කැඳවීම

දැන්වීම කියවීමට/භාගත කිරීමට ‌මෙම ලින්ක් හරහා පිවිසෙන්න

ඇමිණුම 01 - භාගත කිරීමට මෙම ලින්ක් එකෙන් පිවිසෙන්න

ඇමිණුම 02- භාගත කිරීමට මෙම ලින්ක් එකෙන් පිවිසෙන්න

මෙම ආයතනය විසින් පවත්වනු ලබන ඩිප්ලෝමා පාඨමාලා සහ සහතිකපත්‍ර පාඨමාලා සඳහා පහත විෂයයන් යටතේ පුහුණු මොඩියුල/ඉගැන්වීම් සම්පත් අත්පොත් සකස් කිරීම වෙනුවෙන් මිළගණන් කැඳවනු ලැබේ.

ඩිප්ලෝමා පාඨමාලා - පුහුණු මොඩියුල

පළාත් පාලන මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව (එක් මොඩියුලයක් සඳහා දින 5කි)

  1. ශ්‍රී ලංකාවේ පළාත් පාලන ක්‍රමය, එහි විකාශනය, කාර්යභාරය හා බලතල
  2. ශ්‍රී ලංකාවේ පළාත් පාලන මූල්‍ය ක්‍රමයේ විකාශනය

 

මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව (එක් මොඩියුලයක් සඳහා දින 5කි)

  1. මානව සම්පත් තොරතුරු පද්ධතිය - Human Resource Information System
  2. මානව සම්පත් කළමනාකරණ  නව ප්‍රවණතාවය - New Trend of HRM

 

සහතිකපත්‍ර පාඨමාලා - දින 15 - ඉගැන්වීම් සම්පත් අත්පොත්

  1. දේශපාලන විද්‍යාව පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව

ඉහත විෂයයන්ට අදාළ පුහුණු මොඩියුල/ඉගැන්වීම් සම්පත් අත්පොත් සකස් කිරීම සඳහා උනන්දුවක් දක්වන විද්වතුන් හට මේ සඳහා අයදුම්කළ හැකි අතර, අවශ්‍ය උපදෙස්, මොඩියුල ආකෘතිය පිළිබඳ විස්තර හා මිළගණන් ලබාදිය යුතු ආකෘතිය slilg.lk වෙබ් අඩවිය තුළින් ලබාගත හැක. වැඩි විස්තර සඳහා 0112508290 දුරකථන අංකය මගින් අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරි සහ 0112581982 දුරකථන අංකය උපදේශක (භෞතික සැලසුම්) අමතා තොරතුරු ලබාගත හැක.

මෙම ආයතනයෙන් ලබාදෙන ආකෘතිය අනුව සකස් කරන ලද ඔබගේ මුද්‍රා තබන ලද මිළගණන් 2023.10.18 දින පෙ.ව. 11.30 ට පෙර ලියාපදිංචි තැපැල් මගින් හෝ ආයතනයට පැමිණ භාරදීය හැකිය. මිළගණන් එවනු ලබන කවරයේ වම්පස ඉහළ කෙළවරේ පුහුණු මොඩියුල/ඉගැන්වීම් සම්පත් අත්පොත් සකස් කිරීම සඳහා මිළගණන් යනුවෙන් සඳහන් කළ යුතුය.

අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරි

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය

අංක 17, මලලසේකර මාවත

කොළඹ 07

දුරකථන - 0112586259