Welcome to Sri Lanka Institute of Local Governance!

Calling Application for Module Preparation

පුහුණු මොඩියුල සකස් කිරීම සඳහා මිළගණන් කැඳවීම

 

දැන්වීම භාගත කිරීමට -  Advetisement for Module Preparation 02nd add May 2023.pdf

 

මෙම ආයතනය විසින් පවත්වනු ලබන පුහුණු වැඩමුළු සඳහා පහත විෂයයන් යටතේ පුහුණු මොඩියුල සකස් කිරීම වෙනුවෙන් මිළගණන් කැඳවනු ලැබේ.

ඩිප්ලෝමා පාඨමාලා

පළාත් පාලන මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව (එක් මොඩියුලයක් සඳහා දින 5කි)

1) ශ්‍රී ලංකාවේ පළාත් පාලන මූල්‍ය ක්‍රමයේ විකාශනය

2) පළාත් පාලන මූල්‍ය කළමනාකරණයට අදාල නෛතික පසුබිම

3) පළාත් පාලන විගණනය

 

මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව (එක් මොඩියුලයක් සඳහා දින 5කි)

1) මානව සම්පත්  තොරතුරු පද්ධතිය - Human Resource Information System

2) මානව  සම්පත් කළමනාකරණ  නව ප්‍රවණතාවය - New Trend of HRM

 

සහතිකපත්‍ර පාඨමාලා - දින 15

  1. පළාත් පාලන නීතිය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව
  2. කොහා මෘදුකාංග පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව (KOHA soft wear)
  3. විමර්ශන ක්‍රියාවලිය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව
  4. ඔටෝ CAD හි සහතික පත්‍ර පාඨමාලාව (AUTO CAD)
  5. ජංගම යෙදුම් සංවර්ධනය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව (Mobile Application)
  6. බහුමාධ්‍ය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව (Multi media)
  7. විවෘත කාර්යාලය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව (Open Office)
  8. විද්‍යුත් පළාත් පාලනය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව (e- Local Governance)

ඉහත විෂයයන්ට අදාළ පුහුණු මොඩියුල සකස් කිරීම සඳහා උනන්දුවක් දක්වන විද්වතුන් හට මේ සඳහා අයදුම්කළ හැකි අතර, අවශ්‍ය උපදෙස්, මොඩියුල ආකෘතිය පිළිබඳ පරිශීලනයට අදාළ Link එක හා  මිළගණන් ලබාදිය යුතු ආකෘතීය පහත දක්වා ඇත. වැඩි විස්තර සඳහා 0112058050 දුරකථන අංකය මගින් පුහුණු අංශය අමතා තොරතුරු ලබාගත හැක.

 

තවද මොඩියුල සකස් කිරිම සඳහා ඔබ සුදුසුකම් ලැබුවහොත්, එම පැවරුම භාරදුන් දින සිට දින 14 ක් තුළ අදාළ කාර්යය අවසන් කිරීමට ගිවිසුම් ගත විය යුතු අතර, ඒ පිළිබඳ ඇති හැකියාවද සලකා බලා මිළගණන් ඉදිරිපත් කරන ලෙද දන්වමි.

මෙම ආයතනයෙන් ලබාදෙන ආකෘතිය අනුව සකස් කරන ලද ඔබගේ මුද්‍රා තබන ලද මිළගණන් 2023.06.12 දින පෙ.ව. 11.30 ට පෙර ලියාපදිංචි තැපැල් මගින් හෝ ආයතනයට පැමිණ භාරදීය හැකිය. මිළගණන් එවනු ලබන කවරයේ වම්පස ඉහළ කෙළවරේ පුහුණු මොඩියුල සකස් කිරීම සඳහා මිළගණන්” යනුවෙන් සඳහන් කළ යුතුය.

 

අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරි

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය

අංක 17, මලලසේකර මාවත

කොළඹ 07

දුරකථන - 0112586259

 

මොඩියුලය සකස් කිරීමේ පිරිවිතර

  1. මොඩියුලය කොටස් 03කින් යුක්තය.

(ඉහත ලේඛන සකස් කළ යුතු ආකෘතිය අධ්‍යනය කිරීම සඳහා පහත Link එක භාවිතා කරන්න.)

 

  1. දින 05 ක මොඩියුලයක් සඳහා

 

සහතික පත්‍ර පාඨමාලාවක් සඳහා

 

  1. පොදු උපදෙස්

පුහුණුලාභීන් සදහා වන අත්පත්‍රිකා -  (A4 පිටු වශයෙන් )

 

මොඩියුලය සකස් කළ යුතු ආකෘති පත්‍රය ලබා ගැනීම සඳහා පහත Link එක භාවිතා කරන්න.

https://1drv.ms/u/s!AuxeC7oyrIvt5U_C7CaZf07HU7KL?e=MoZwm4

 

 

මොඩියුල සකස් කිරීම සඳහා මිළගණන් ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය

 

  1. සකස් කිරීමට අපේක්ෂිත මොඩියුලයේ නම/ විෂය ක්ෂේත්‍රය ........................................................................ (මොඩියුල 01 කට වැඩි ගණනක් සකස් කිරීමට අපේක්ෂා කරන්නේ නම් එම මිළගණන් වෙන වෙනම ඉදිරිපත් කළ යුතුය.)

 

  1. ලබාදී ඇති පිරිවිතරයන්ට අනුව මොඩියුලය සකස් කිරීමට ඉදිරිපත් කරන සම්පූර්ණ මිළ - රු. ..........................

 

ලබාදී ඇති පිරිවිතරන්ට අනුව දින 14 ක් තුළ මොඩියුලය සකසා ආයතනයයට ලබාදෙන බවට මෙයින් සහතික වෙමි.

 

මාගේ අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් සඳහන් ජීව දත්ත පත්‍රිකාව මේ සමග යොමුකරමි.

 

දිනය .....................                            අත්සන           : ..............................................

                                                          නම                 : ..............................................

                                                          ලිපිනය           : ..............................................

                                                                                 ..............................................

                                                          දුරකථන අංකය         : .....................................

                                                          ඊමේල් ලිපිනය          : …………………….................